සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 1; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

නොනිදූ නෙත් අනූව!

 

“ගුඩ් මෝර්නින් මචං. උඹ නැගිටලද ඉන්නෙ?”

“ඔව් බං. මං මේ ලෑස්ති වෙන ගමන්.”

“ආ.. එළ එළ. අපි මතුගමින් හයිවේ දාලා ඉන්නෙ. තව විනාඩි 20කින් වගේ උඹලගෙ ගෙවල් ලඟ හොඳේ”

“හරි බං. මම පාරට ඇවිත් ඉන්නම්”

ම්.. හ…

උඩට ගත්ත හුස්ම හෙමින් සැරේ පහළට දාපු මම දඩි බිඩියට ඇඟපත පිහිද ගත්තෙ මොනවහරි කාලම පාරට යන්න හිතාගෙන. මොකද ඇල්ෆා ටීම් එකත් එක්ක එහෙම්මම කොටුවට ගිහින් එයාලව කොච්චියට දාලා හිස් බස් දෙකේ ආපහු ගෙදර එන්න එපැයි. ඊටත්, ඒ අනික් පැත්තට ටෙන්ට්, කෑම්පින්ග් බඩු ටිකත් දාගෙන ඒ බස් දෙකේම ආපහු මාතලේට යන්නත් ඕනනෙ.

ඉතින් කොහොම හරි… ටයිම් අල්ලල පාරට ආපු මට දෙයියනේ කියල විනාඩි 5ක් වත් රස්තියාදු වෙන්න නම් වුනේ නෑ. කිව්වොත් කියපු වෙලාවට කියලා ඇල්ෆා ටීම් එකම එතන. ඉස්සරහින් ආපු බස් එකෙන් ඔලුව දැම්ම සරිඳු “නැගපං නැගපං මචං” කියල මාව සනික ඇතුලට දාගත්තෙ හැකි ඉක්මනින් බස් දෙක කොටුවට ගෙනියන්න මග පෙන්වන්න. දෙයියනේ කියල ඒ වැඩෙත් ඩ්‍රයිවර් යාළුවො දෙන්නගෙ සපෝට් එකෙන් ගොඩ ගියා. කොටින්ම කිව්වොත් අපි උදේ 9.30 වෙද්දි කොටුවෙ.

හප්පේ… ඊට පස්සෙනෙ බලන්න ඕන වැඩේ. බස් දෙකෙන් සෙනඟ බහිනව බහිනව ඉවරයක් නෑ. ඒ අතරට අරක්කු පෙට්ටි, කෑම බීම, බොංගො ගිටාර් එහෙමත් තොගයයි!

“ඉන්දික අයියෙ. ඒ, මේක මාර ට්‍රිප් එකක්නෙ බං”

“ආ.. ඒකනෙ මං එදා කිව්වෙ. අපේවුන් ආවම බලාංකො කොහොමද කියල”

ඇත්ත තමයි. ලොක්කා, ලොකේෂන් බලන්න ගියපු දවසෙ කිව්වනෙ, සරිඳුයි ධනුෂ්කයි වගේ නෙවෙයි අනිත් සෙට් එක ආවාම ‘ආතල් කෝටියයි’ කියල. ඇයි අප්පේ එදා තුන්දෙනාම ෆුල් ජෙනුඉන්නෙ. ඒකට බලන්න එපැයි අද! එයාලත් ‘පිස්සු’ කොර ආ… හැබැයි මට පළවෙනි දවසෙ, පළවෙනි කෝල් එකෙන්ම හිතුණා ‘මදා පාර නම් සෙට් වෙන්න යන්නෙ, සැප කණේ  කණ සාක්කුවෙ’ ඩයල් ටිකක් කියල. ඒ වගේම තමයි ආයෙ බොක්කෙ ෆිට් සෙට් එකකුත් කියල. මොකද එදා, “මගෙ ෆෝන් එකේ සල්ලි ඉවරයි. හෙට උදේට කතා කරමු” කිව්වාම.. එ් අනික් පැත්තට රු. 500ක රිලෝඩ් එකකුත් දාලා ආයෙ කෝල් එකකුත් ගත්ත මිනිස්සුනෙ.

එතනින් එහාට ඉතින් මම හිතාගත්තා කට්ටියට මගෙත් උපරිමයෙන්ම දෙන්න ඕන කියල. නැත්නම් අපෙන් ඇති වැඩකුත් නෑනෙ. අන්න ඒකට පෙර මෙව්වා එකක් වශයෙන් තමයි ලොකේෂන් බලන්න ගියපු දවසෙ නාන්න කරන්න, ලොකුවටම නැතත් කන්න බොන්න, එතකොට හිතේ හැටියට රවුම ගහලා එයාලටම හොඳ තැනක් තෝරලා කියන්න ෆුල් අවස්ථාව දීල හිටියෙ. අවුල වුනේ හැන්දැ වෙලා නිසා එදා රා පොඩ්ඩක් සෙට් කරලා දෙන්න බැරි වෙච්ච එක තමයි. හැබැයි ඒකට හරියන්න කට්ටියව ලිග්ගල් පොත්ත, අඩුක්කු ඇල්ලට එක්කගෙන ගිහිල්ලා, හිතේ හැටියට නාලා කරලා විනෝද වෙන්න උපරිම චාන්ස් එක සෙට් කරලා දුන්නා.

වැඩේ කියන්නෙ නාලා කරල ගොඩට එද්දිම.. මෙන්න බොලේ ඉන්දික අයියයි යාළුවො දෙන්නයි ටුවර් එක ප්ලෑන් කරනව!

“ඒ ඉන්දික අයියෙ. දැන් එතකොට ප්ලේස් එක ඕකේද?”

“උඹ මගුලක් කතා කරනවා. ඕකේ කියන්නෙ බං එකෙන්ම ඕකේ. හැබැයි පොඩි වැඩ ටිකක් තියෙනව උඹට කරන්න. පුලුවන් නම් පොඩි ටොයිලට් එකක් ගහපන් සයිට් එකේ. අපේ වුන්ට නැතත් කවද හරි, එන කාට හරි ප්‍රයෝජනයට ගන්න. ඒ හැරුනාම ඉතින් ගම හතර මායිමේ තියෙන සියළු රා ටික අපේ දවස් දෙකට අපිට ඕන. හ්ම්ම්… කෑම බීම එහෙම නම් උඹ කොහොමත් මදි නොකියන්න දෙනවනෙ. ආයේ… හයික් එක තමා ඉතින්. ඒකටත් උඹ අනිවා එනවනෙ”

හම්මෝ.. ඇත්තටම ඒ දවස මතක් වෙද්දි!, අද නිකන් හීනයක් වගේ…

“ඒ, නැගිටපිය බොල” උඩ ගිහින් ඇහැරුනේ. බැලින්නම් හීනයක් වගේ නෙවෙයි හීනයක් තමයි කියන්නකො.

“කන්න නැවැත්තුව බං. යමං යමං මොනව හරි කාලා සෙනික අදිමු. තව පැයයි තියෙන්නෙ මාතලේටම යන්න ඕන.”

“මොකක්? මෙච්චර වෙලා අල කෑවද යකෝ.”

“අල? අල නෙවේ, මං තොට කියන්නෑ. මෙතන නැගපු වෙලාවෙ ඉඳන් දපනෙ දාලා. ගොනෝ.. මග දිගට අම්බානක ට්‍රැෆික්. වරකාපොළ පන්නන්න ගියා පැය බාගෙකට වැඩිය.”

“හෑ…”

ඒක ඇහුවා විතරයි මගෙ නිදිමත කොහෙන් ගියාද නෑ. ටෙන්ට් බඩු ටිකත් දාගෙන බත්තරමුල්ලෙන් හරා නැග්ගට පස්සෙ මට මතක ලාවට සියඹලාපෙ පනිනව විතරයි. හොඳ වෙලාවට ඒකා හිටියෙ. කොහොම හරි උගේ කටේ බලෙන් දඩි බිඩියට කාපු අපි සනිකව පිටත් වුනා ආපහු, මාතලේට යන්න. ඒත් ඉතින් සෑහෙන්න පරක්කුයි. කොටින්ම මාතලේට යද්දි 4ත් පහුවෙලා.

“අයියෙ, ඔතනින් අපිව බස්සන්න. අපි මස් ටික ගන්නකම්. ඔයාලා ස්ටේෂමට ගිහින් කට්ටියව අරගෙන එන්න.” ෆුඩ්සිටිය ලඟින් බැහැගත්තු හරයි මායි අඩියට දෙකට ඇතුලට ගිහින් මස් ටිකයි බාබකියු අඩුම කුඩුම ටිකයි ගත්තා. අරගෙන එළියට බහිද්දිම වගේ.. බස් 2ත් එතන. ආයෙ මොනවද, අපේ අතේ බෑග් තියෙනව දැක්කා විතරයි කොල්ලො සෙට් එක බැහැලා ඇවිත් ෆුල් සප් එක! එ් නිසා සනිකවම මාතලෙන් පිටත් වෙන්නත් අපිට චාන්ස් එක ලැබුනා.

එහෙම පිටත්වෙලා රත්තොටින් බස් එක රිවස්ටන් කන්ද අදින්න පටන් ගත්තට පස්සෙනෙ පාර්ටිය… හප්පේ! සද්දෙට සිංදු දාලා, පදමට ගසපු කට්ටිය නොසෑහෙන්න නටලා.. සැහ් පිස්සු හැදෙනව ඈ.

ඔය විදියට ඉතින් පැයක් හමාරක් තිස්සෙ කෑ ගගහ ගමට යනකම්ම, ෆුල් ෆන්. වැඩේ කියන්නෙ ෆන් එකේ ගියාට ගමට යද්දි රෑ වෙලානෙ. කොටින්ම 8ටත් කිට්ටුයි. ඒත් කට්ටිය සැලුනෙ නෑ. බස් වලින් බැස්සා විතරයි නාන කරන බඩුත් සමග එක පෝලිමට වැද්දා පැණි ඇල්ල වළේ.

නානවා කියන්නේ…

“මචං ඉන්දික අයියෙ, මම යනව හරා එක්ක කෑම්ප් සයිට් එකට. උඹලා පරිස්සමට නාලා කෙලින්ම මාමලගෙ ගෙදට්ට යන්න. ගිහින් කෑම කාලා මාමත් එක්කම එන්න කෑම්ප් සයිට් එකට.”

“හරි බං එළ.”

ඉන්දික ලොක්කට විස්තරේ පැහැදිලි කරපු මම ගමේ සෙට් එකත් එක්ක කෙලින්ම ගියේ කෑම්ප් සයිට් එකට. ගිහිල්ලා දඩබඩ ගාලා ටෙන්ට් ටිකත් ගහලා ගිණිමැලයත් ලෑස්ති කලා. ඊට පස්සෙ බාබකියු එකත් ලෑස්ති කලා. ඒත් කොහෙද, තාම නෑනෙ මස් ටික.

“මේ ළහිරු මල්ලි මොනව කරනවද මන්ද මෙච්චර වෙලා. ඒ මදිවට ආපු සෙට් එකත් ටික ටික අඩියට සෙට් වෙලා.”

“මාමා දැන් නම් බල බල ඉන්න බෑ. මාමට හරි ගිහිල්ලා මස් ටික අරගෙන එන්න වෙනව”

සනික මාමාව පිටත් කරපු මම සයිට් එකේ තිබ්බ ඉඩ අඩුපාඩුකම් ටිකත් ගලපලා ඇල පැත්තට ගිහින් ඇඟපතත් හෝදගෙන එන ගමන් බැලුවා වෙල දිහා.

“හප්පේ යාන්තම් අැති. මස් ටික එනවා.” ඈතින් පේන ටෝච් එළිය, ලඟට එන්න කලින්ම හිත හදාගත්ත මම අඟුරු ගොඩට චාකෝල් ටිකකුත් දාලා දැල තියලා වැඩේ නූලටම ගෙනාවා.

ඒත් කොහෙද! කස්ටියගෙ බීම කියන්නෙ බාබකියු එක හදන පැය බාගෙට බෝතල් 2ක් ඉවර කරලා කියන්නකො.

“මචං විනාඩි 5ක් දියන්. විනාඩි 10න් බාබකියු එනව හොඳේ” පෙර දැනුවත් කිරීමක් කරපු මම ආයත් වැඩේට බැස්සා”

“බුද්ධික අයියා. ඒවා අවුලක් නෑ බං. වාඩිවෙයන්කො මෙතනින් අඩියක් ගහන්න” යාළුවො සෙට් එකෙන් සුහද ආරාධනා. හැබැයි ඒ අතරෙ කෙල්ලො සෙට් එකයි ලොක්කා ඇතුළු කොල්ලො සෙට් එකකුයි පේන්න නෑ. සමහරවිට මහන්සියට නිදි ඇති. දැන් 12ත් පහුවෙලානෙ.

එහෙම හිතල මායි හරයි එකසිය ගාණට බාබකියු දානව. ඒ අතරට ඉතින් ෂොටක් දෙකක් දාගත්තෙ නැත්තෙමත් නෑ. කොහොම හරි අපේ ෂොට දෙක… ඩබල් ත්‍රිබල් වෙද්දි තමයි චාර්ජ් වෙලා සිංදු ටික එළියට බහින්න පටන් ගත්තෙ. බාන බාන මස් කෑල්ල වාශ්ප වෙලා ඒවට සැලකිල්ලට එන වස විස ටිකත් උගුරෙන් පල්ලෙහාට යද්දි, හම්මෝ!

ඊටත් ඒ විදියට.. පැය 3, 4ක් එක දිගට…?

කොහොම හරි පාන්දර 3 විතර ඇති මස් ඉවර වෙද්දි. වෙලාවට ඒ වෙද්දි එදිනට අදාල බෝතලුත් ඉවර වේගෙන ඇවිල්ල තිබ්බෙ!

ඒත්… වෙලාව කියන්නෙ, එතකොටම නිදා උන්නු ලොක්ක ඇහැරිලා ආව කියන්නකො ගිණිමැලේ පැත්තට.

“හරා, දැන් නම් හුටා!” හරයි මායි හිත හදාගත්තා…

පුර හඳ පායලා, මුලු කෑම්ප් සයිට් එකම ලස්සනට හැඩ වෙලා. අඳුරු දම් පාටට අහස් කුස, රන් පාටට දිලිසෙන තරු තොගයක් අපේ උඩු වියන කැටයම් කරලා. ඒ අතරට හීනි ගිටාර්, බොංගො සද්දයකුත් ඈතින් ඇහෙනකොට?

“……

මල්විය නොවෙද මේ දියකර හරින්නේ…

මැසිමද හිතද මහා හයියෙන් හඬන්නේ…!

…..

අඳෝනා හඬකින් වචන පේළියක්…”

 

වැස්සත් පදිරි වුනි… ඊලඟ ලිපියෙන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>