නකල්ස්!; සිංහ පැටවුන්ගේ රඟදැක්ම…

හදිස්සියෙ ආපු කෝල් එකක්.

“මචං, මගේ නම මුදිත. ලියෝ ක්ලබ් එකකින්. අපේ කෑම්පින්ග් එකක් තියෙනව බං. ලොකේෂන් බලන්නයි ඕන. පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද?”

“එකෙන්ම යාළු. මට දිවන්ක මල්ලිය කිව්ව විස්තරේ. අපි යමු ලොකේෂන් බලන්න. ඔයාලා දවසක් දාගෙන මට කියන්නකො”

ඒ එදා… ආපු කෝල් එක!

ඊට පස්සෙ ආයෙත් එයාලා කතා කලා. කතා කරල ලොකේෂන් බලන්න යන්න දවසකුත් දාගත්තා. දාගෙන කලට වෙලාවට පාන්දරින්ම ඇවිල්ල ඔන්න මාවත් එක්කගෙන නක්ල්ස් පැත්තට යන්න පිටත් වුනා.

කට්ට කරුවලේනෙ. කලින් දවසෙ රෑ හරි හැටි නින්දකුත් නැති නිසා පිටිපස්සෙ ඉඳපු යාළුව වගේම මමත් ගැහුවා පොඩි ඇලට් එකක්. පොඩි කිව්වට ඉතින් දන්නැද්ද! කොහොම හරි දෙන්න ඇහැරෙද්දි මාතලෙත් පහුවෙලා. ඔන්න රත්තොට ඉඳන් මමයි පාර කියන්නෙ ඈ…

වැඩේ කියන්නෙ, එතනින් එක ගැම්මට ඇදපු වාහනේ කෙලින්ම නතර වුනේ පිටවල පතනෙ කියන්නකො. එතනත් වැඩි නෑ, ස්නිකවම ඇද්දා ඇටන්වල ගමට.

“සැහ්! සුප්ප ප්ලේස් එකක්නෙ බං” ගමට ගොඩවුනා විතරයි යාළුවගෙන් තරු ලකුණ.

“යමංකො ගෙදට්ට. ගිහින් බලමුකො” මම මුදිතවයි කසුන්වයි ප්‍රියාවයි හෙමින් සැරේ මාමලගෙ ගෙදරට එක්කගෙන ගියා. ඒ ගියා විතරයි කට්ටියට වැඩේ තවත් සැටිස්. ඊට පස්සෙ තමයි 3දෙනා වෙලට බැස්සෙ.

මෙන්න බොලේ වැඩක්! එයාලා හිතින්ම වැඩේ කන්ෆර්ම් කරගෙන, කසුන් ප්ලෑන් කරනව, මුදිත ලියනව… හෙන සීන් එක එතන.

ඔක්කෝටමත් පස්සෙ තමයි කට්ටිය නාන්න කියල ගඟට ගියේ. මාමයි මමයි යාළුවො 3දෙනයි… කොහෙද එතනත් ප්ලේස් එක දැක්ක විතරයි මතක… කෙලින්ම ජබුං සද්දෙ! 3දෙනා නෑවා කියන්නෙ ආයේ… හිතේ හැටියට ඈ, හිතේ හැටියට. ඊටත් පස්සෙ අපි මාමලගෙ ගෙදරට ගිහින් කෑවා. බත් එක අතට අරගෙන කසුන් කියනවා…

“මාමා මේ විදියට කෑම එක එදාටත් දෙන්න පුලුවන් නම් පංකාදුයි ඈ…”

ඊට පස්සෙ ඉතින් හරවාගෙන ගෙදර ආවත් වැඩේ වෙන දා වෙනකම්ම කට්ටිය යමරෙට ප්ලෑන්.

දිනේට කිට්ටු කරල මමත් මගේ පැත්තෙන් උපරිම ගේම බැලන්ස් කලා. ඉතිරි වෙලා තිබ්බෙ ගමට ගිහින් කරන ටික විතරයි. ඒ නිසාම මම සිකුරාදා උදේ බස් එකේ ගමට යන්න පිටත් වුනා. තරුත් ආවනෙ මගෙ සපෝට් එකට. ඉතින් මාමයි අපි දෙන්නයි බඩු ටිකත් අරගෙනමයි මාතලෙන් බස් එකට ගොඩවුනේ.

ඒ ඇවිල්ලා, ගෙදරට ගොඩවෙලා, බත් ටිකක් එහෙමත්, කාලා කහට කෝප්පයක් එක්ක වැලි තලපයකුත් රස බලලා කෙලින්ම පැදුරට වැටුනා. ඇයි අප්පෙ කලින් දවසෙ ඉඳන්ම මහන්සියනෙ.

“ඒහ්! අයියෙ නැගිටින්න. 6යි වෙලාව” මාව උඩ ගිහින් ඇහැරුනේ. මළ කලියයි පහුවෙනිදට එළිවෙලා කියන්නකො. දඩි බිඩියට මූණ කට හෝදගෙන වට පිටේ බඩු ටිකත් ලෑස්ති කරපු මම සනකිවම ගැහුවා ලසාට කෝල් එකක්.

“ලසා කට්ටිය කොහෙද දැන්?”

“ආ… අපි පතනෙ බුද්ධික අයියෙ. උදේට කාලා ඉවරයි. දැන් එන්න හදන්නෙ. ඔයා ගඟ ගාවට එන්න හොඳේ”

ආයෙ මොනවද ඉතින්. තප්පරේට දෙකට කිට් එක දාගත්ත මම, තරූවයි මාමවයිත් ලෑස්ති කරගෙන එක පිම්මෙ ගියා පාලම උඩට. ගිහින් ඉන්නව ඔන්න. විනාඩි 5ක් විතර යද්දි ඉස්සෙල්ලම ආවා කාර් දෙකක්. ඒත්… මුදිතයි කසුනුයි නෑනෙ පේන්න. තව ටිකක් බලනව කියල පාර පැත්තට හැරුනා…

හප්පේ මේ එන්නෙ. ගම රට අත ඇරල යන්න වගේ බඩු මුට්ටු පොදි බැඳගෙන… ඒ මදිවට සිංහ පැටවුන්ගෙ ඉස්සරහින් අපේ ලසාත්!

ආපු ගැම්මටම පොඩි වෙල්කම් එකක් දීපු මම කට්ටියව කෙලින්ම එක්කගෙන ගියේ මාමලගෙ ගෙදරට. එක්කගෙන ගිහිල්ලා බඩු තියන තැනුත් ඔක්කොම පෙන්නලා ටී ටයිම් ඇරේන්ජ්මන්ට් එකත් දැම්මා. දාලා තමයි නැන්දට කිව්වෙ කට්ටියට තේ අල්ලන්න කියල. ඒ අතරෙ මට අතපසු වෙච්ච වැඩක් කසුන් ඇවිල්ල පොඩ්ඩක් මතක් කලා.

ඇත්තනෙ එළියෙ ටොයිලට් කවර් කරන්න බැරි වුනානෙ.

ආයෙ ඉතින් විනාඩි 5යි. එළිමහන් නාන කාමරෙත් හොඳ හැටි ලෑස්තියි.

කොහොම හරි කට්ටිය තේ වේලෙන් පස්සෙ කණ්ඩායම් බෙදිලා පොඩි පොඩි විනෝද වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. ඒ අතරට ඔන්න කුස්සෙය බතත් ඉදිලා. කොටින්ම කියනව නම් දවල් කෑම ලෑස්තියි. ඒත් ඊට කලින් කොල්ලො සෙට් එක කෑම්ප් සයිට් එකට යන්න එපැයි. ඉතින් එයාලගෙ ගේම් ටික ඉවර වුන ගමන් මම දැම්මා අයිඩියා එක. දාලා කට්ටියත් එක්කගෙනම ටෙන්ට්, බැක්පැක් ටික අරගෙන හෙමින් සැරේ ගියා වෙලට.

හප්පේ… වෙලේ හුලං! කෙලින්ම කුණාටුව ආ… වැස්ස නැති එක විතරයි. ගහන ගහන ටෙන්ට් එක ගැලවෙනව යාළු. බැරිම තැන අමාරුවෙන් අයිනක් අල්ලල ඔන්න වැඩේ ගැලපුවා. ගලපලා, ගල් තියල, පොලු තියල යාන්තම් තත්වෙකට ගත්තා. වැඩේ කියන්නෙ ඒක ඉවර වෙද්දි කට්ටියට යකෙක් කන්න බඩගිනියි. එක එල්ලෙම ගෙදරට පෑගුවෙ ‘කෑම කෝ…’ කියාගෙන වගේ.

එතනින් එහාට ඉතින් හාවක් හූවක් නැතුව යන යන යාළුවා කෑම බෙදාගත්තා. බෙදාගෙන, රස බලන්න පටන් ගත්තට මොකද අවංකයෙන්ම එදා චිකන් එක නම් රස මදි. හැබැයි ඒකට හරියන්න කිරිකොස් එකයි මිරිස් බැදුමයි නම් තිබ්බ. ඇත්තටම වුනේ, ඒ මාමලා ෆස්ට් ටයිම්නෙ 50කට ඉව්වෙ.

ඒකට කාරි නෑ කියන්න වගේ කෑමෙන් පස්සෙත් කට්ටිය ආපහු සනිකවම වෙලට බැහැලා. එක එක ගේම්ස් තොගයයි. අනේ මන්දා, අපිට නම් ඒ ගැන ඒ හැටි වැටහීමක් නෑ. කෙසේ වෙතත් පිදුරු ගොඩේ දැඟලුවාම ඇඟ කසනව කියල දන්න නිසා හැන්දැ වෙලා සෙට් එකම එක්කගෙන ගියා ලිග්ගල් පොත්තට, හොඳ හැටි නා ගන්න. ඊට පස්සෙ ඉතින් ඇඳුම් මාරු කරගෙන සෙන්ට් පවුඩර් දාලා… ෂැහ්! බලන්න එපැයි නයිට් ෆන්ෂන් එකට ආපු ලස්සන. එතනත් අමුතු අමුතු ගේම්ස් නිසා අපි ඉතින් එන්ටර් වෙන්න ගියේ නෑ. හැබැයි ඒකෙන් රෑ කෑමට ටිකක් පරක්කු වුනා. මගෙ හිතේ එතකොට වෙලාව 11ට විතර ඇති. ඊටත් ගිණි මැලේ… අනේ ඒකත් පරක්කු වුනා. පටන් ගන්නකොටම රෑ 12යි.

විනාඩි 15ක් 20ක් යද්දි ගිණිමැල සාදයත් ඉවර වුන නිසා කට්ටියම ඉතින් ටෙන්ට් වල. එතනින් එහාට, ගුඩ් නයිට් තමයි.

මහන්සියත් එක්ක නිසා වෙන්න ඕන කට්ටිය පහුවෙනිදා උදේ නැගිටිද්දි 8ටත් කිට්ටුයි. මූණ කට හෝදගෙන, කෑම කාලා හයික් එක යන්න ලෑස්ති වෙද්දි 10.30ට විතර ඇති. ආ, කියන්න බැරි වුනානෙ. මාමලගෙ පොඩි අතපසු වීමකින් උදේ කෑමත් පැය බාගයක් විතර පරක්කු වුනානෙ. එහෙමයි කියල ලොකු අවුලක් වුනෙත් නෑ. මොකද හයික් එක පොඩියිනෙ. එකම අවුල තිබ්බෙ මානිගලට ගොඩවුනාට පස්සෙ අල්ලපු හුලඟ තමයි. හප්පෝ… ඒකට නම් අල්ලල වීසි කරන ගානයි! අමාරුවෙන් අමාරුවෙන් පැය බාගයක් විතර ගලේ එහා මෙහා ඇවිදල කොහොම හරි කට්ටිය පහලට බහින්න පටන් ගත්තා. පටන් අරගෙන කෙලින්ම වැඩේ ඉවර කලේ ගඟ ලඟින්. මොකද ඊට පස්සෙ එයාලගෙ ඉවුම් පිහුම් කම්පෙටිෂන් එක තිබ්බනෙ.

කට්ටිය ගඟට යවල මායි ලසයි ගෙදර තිබ්බ අඩුපාඩු ටික ගලපන්න පොඩ්ඩක් නතර වුනා. මොකද ඒ වෙද්දි තරුත් යන්න ලෑස්ති වෙලයි හිටියෙ. ප්ලේන්ටියක් ගහල පොඩි රෙස්ට් එකක් අරගෙන හෙමින් සැරේ තමයි අපි දෙන්න ගඟට කිට්ටු කලේ.

කිව්වට විශ්වාස කරන්න යාළු එතනට යද්දි… සෙට් එක ගජරාමෙට උයනව. එක පැත්තක රොටි, තව පැත්තක නූඩ්ල්ස්. ඒ විතරක් නෙවෙයි සැන්ඩ්විච්, සැමන්, පොල්සම්බෝල කෑම තොගයක්. අපිත් ඉතින් එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉඳලා මුලින්ම කෑම උයන විදිය බැලුවා. ඊට පස්සෙ කෑම සර්ව් කරන වෙලාවෙ ඒවයෙ රසත් බලල තමයි ආපහු ආවෙ.

හැන්දෑවෙ 4, 5 වෙද්දි කෑම්පින්ග් එකේ වැඩ ගොඩක් දුරට ඉවර වුනාට මොකද 7 විතර වෙනකම් ක්ලෝසින්ග් සෙරමනි එක තිබ්බා. වැඩේ කියන්නෙ ඒකෙදි අපේ ‘හයික්ස් ලංකා’ එකටත් ස්තූතියක් ලැබුනනෙ. ඉතින් ලසාටයි මටයි, මාමටයි නැන්දටයි එහෙමත් හරිම සතුටුයි. පළවෙනි පාරට 50ක කණ්ඩායමක්… හැන්ඩ්ල් කරපු හැටියක් නේ!

ඒකෙ වටිනාකම තිබ්බෙ අඩුපාඩු දාහක් තියෙද්දිත් ලියෝ යාළුවො ඒ එකක්වත් නොකියා අපිට ස්තූති කරපු එක. ඇත්තටම ඉතින් අපිටත් කියන්න තියෙන්නෙ ගොඩාක් ස්තූතියි කියල තමයි.

විශේෂයෙන්ම මුදිතටයි, කසුන්ටයි!

හැබැයි එකක්,

ආයෙත් දවසක එන්න…

අපිත් එක්ක ගමනක් යන්න

නක්ල්ස් ඇතුලටම ගිහින්

නොදැකපු ගොඩක් දේ දැකගන්න!

ආදරෙයි හැමෝටම, කියන්න

ලඟදීම, හමුවෙමු එහෙනම් ඔන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>